විෆුල සර්

අද මම කියන්න හදන්නේ මගේ පාසල් ජීවිතේ අමතක කරන්න බැරි දෙයක්. ඔන්න අපේ ඉස්කෝලේ සර් කෙනෙක් හිටියා විපුල කියල. මිනිහට 'ප' යන්න කියන්න බැරි පොඩි අවුලක් තියෙනවා. 'ප' යන්න වෙනුවට කියන්නේ 'ෆ' යන්න. physics උගන්නන සර් කෙනෙක්. මෑන්ස් වර්ගඵලය කියන එකට එහෙම කියන්නේ වර්ගෆලය කියල. මාර ෆන්. ඒ නිසාම අපි විපුල සර්ට කිව්වේ විෆුල සර් කියල. අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා ඩොටා කියල. මිනිහට පුළුවන් නියමෙට රඟපාන්න. ඉස්කෝලේ වේදිකා නාට්‍ය වල එහෙමත් රඟපාලා තියෙනවා. ඔන්න අපිට free period එකක් අව. ඩොටා පන්තියේ ඉස්සරහට ගිහින් විෆුල සර් වගේ උගන්නන්න පටන් ගත්ත. විෆුල සර්ට එයාගෙම වචන සෙට් එකක් තියෙනවා. ඩොටා ඒවා ඒ වගේ use කරලා දැන් අපිට උගන්නනවා. මිනිහ ගානට 'ෆ' දාල විෆුල වගේම වැඩේ කරනවා. මුළු පන්තියම මහා හයියෙන් හිනා වෙනවා. අපේ A /L පන්තිය තිබුනේ ඉස්කෝලේ ගේට්ටුව ගාව. එදා අපේ ඉස්කෝලෙට අද්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් එන දවසලු(අපි කොහොමද එක දන්නේ? කලින් කිව්වා නම් සද්ද නොකර ඉන්නවනේ). ඔන්න ඔහොම අපි හිනා වේවි ඉන්නකොට අපේ පන්තිය ඉස්සරහින් විපුල සර් ගිහින්. මම නම් දක්කෙට් න. ඒ උනාට ඩොටා දැකල. මේකා දුවගෙන ඇවිත් ඉඳගත්ත. විෆුල සර්ට ටික දුරක් ගියහම තමා මීටර් වෙලා තියෙන්නේ යකෝ මම වගේම තව එකෙක් උගන්නනවා නේද කියල. මෑන්ස් අව අපේ පන්තියට. 

පෙරවදන

අද තමයි බණ්ඩාගේ නවාතැනේ ආරම්භය. ඉතින් හැමෝටම ආයුබෝවන්!!! :D පළමුවෙන්ම මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා බන්දාගේ නවාතැනට පැමිණීම සම්බන්දව. එක මට ලොකු ශක්තියක්. තාම නුඹ බණ්ඩාගේ නවාතැන ගැන දන්නේ බණ්ඩාගේ යාළුවො සෙට් එක විතරයි. ඒත් තව ටිකක් කල් යනකොට ශ්‍රී ලංකාවේ ගොඩක් අය ජාති ආගම භේදයකින් තොරව මේකට එයි කියල හිතනවා. මම මේ අඩවිය පවත්වාගෙන යන්නේ හුදෙක් විනෝදය සඳහා පමණයි. ඒ වගේම ඔයාලත් එක්ක මගේ අදහස් බෙදාහදාගන්න මම ගොඩක් කැමති නිසයි. ඔයාල හැම කෙනෙක්ම මාත් එක්ක ඔයාලගේ අදහස් බෙදාගන්නවා නුඹ මම ගොඩාක් කැමතියි. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ මගේ ලිපි වලින් කාට හරි සුළු හෝ වැරද්දක් වෙනවා නම් මම දහස් වාරයක් සමාව ඉල්ලනවා. මගේ ලිපි කියවන ඔයාල ඒවා ගැන කියල චොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ ;). (ගල් හෝ මල් දෙකම මම ගොඅක් සතුටින් බාර ගන්නවා). එහෙනම් මම අදට සමුගන්නවා. අලුත් ලිපියකින් අපහු හමුවෙනකන් ඔබට සුභ දවසක්!! ඔබට ජය!!!