විෆුල සර්

අද මම කියන්න හදන්නේ මගේ පාසල් ජීවිතේ අමතක කරන්න බැරි දෙයක්. ඔන්න අපේ ඉස්කෝලේ සර් කෙනෙක් හිටියා විපුල කියල. මිනිහට 'ප' යන්න කියන්න බැරි පොඩි අවුලක් තියෙනවා. 'ප' යන්න වෙනුවට කියන්නේ 'ෆ' යන්න. physics උගන්නන සර් කෙනෙක්. මෑන්ස් වර්ගඵලය කියන එකට එහෙම කියන්නේ වර්ගෆලය කියල. මාර ෆන්. ඒ නිසාම අපි විපුල සර්ට කිව්වේ විෆුල සර් කියල. අපේ සෙට් එකේ එකෙක් ඉන්නවා ඩොටා කියල. මිනිහට පුළුවන් නියමෙට රඟපාන්න. ඉස්කෝලේ වේදිකා නාට්‍ය වල එහෙමත් රඟපාලා තියෙනවා. ඔන්න අපිට free period එකක් අව. ඩොටා පන්තියේ ඉස්සරහට ගිහින් විෆුල සර් වගේ උගන්නන්න පටන් ගත්ත. විෆුල සර්ට එයාගෙම වචන සෙට් එකක් තියෙනවා. ඩොටා ඒවා ඒ වගේ use කරලා දැන් අපිට උගන්නනවා. මිනිහ ගානට 'ෆ' දාල විෆුල වගේම වැඩේ කරනවා. මුළු පන්තියම මහා හයියෙන් හිනා වෙනවා. අපේ A /L පන්තිය තිබුනේ ඉස්කෝලේ ගේට්ටුව ගාව. එදා අපේ ඉස්කෝලෙට අද්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් එන දවසලු(අපි කොහොමද එක දන්නේ? කලින් කිව්වා නම් සද්ද නොකර ඉන්නවනේ). ඔන්න ඔහොම අපි හිනා වේවි ඉන්නකොට අපේ පන්තිය ඉස්සරහින් විපුල සර් ගිහින්. මම නම් දක්කෙට් න. ඒ උනාට ඩොටා දැකල. මේකා දුවගෙන ඇවිත් ඉඳගත්ත. විෆුල සර්ට ටික දුරක් ගියහම තමා මීටර් වෙලා තියෙන්නේ යකෝ මම වගේම තව එකෙක් උගන්නනවා නේද කියල. මෑන්ස් අව අපේ පන්තියට. 
"කව්ද මෙතන කෑ ගහපු එකා?" කව්රුත් සද්ද නෑ.

"මාව නරක මිනිහ කරගන්නේ නැතුව කියපල්ලා කව්ද මෙතන කෑ ගහපු එකා?" ඒත් කව්රුත් මොනවත් කිව්වේ නෑ. 
"කෝ මේ පන්තියේ නායකයෝ දෙන්නා මෙහෙට වර."
ඔන්න ඔය වෙලාවේ තමා මගේ දෙලොව රත් උනේ. මොකද මම පන්ති නායකයෙක්. හොද වෙලාවට මගේ sup එකට එදා ටකරමා(මේකා කතා කරනකොට ටකරමකට ගහනවා වගේමයි. කාට මාර සද්දයි) 
ඔන්න අපි දෙන්නා හෙමීට නැගිට්ටා. 
විෆුල මගේ ලගට අවා. "මොනවද දැන් තියෙන්නේ?"
"ඉංග්‍රීසි සර්" මම හෙමීට කිව්වා. 
"කව්ද ඉංග්‍රීසි කරන්නේ?"
මල කෙලියයි. මට මිනිහගේ නම මතක නෑ. මම ටකරමා දිහා බැලුව. උගෙත් සද්දයක් නෑ. ඉංග්‍රීසි සර් ටිකක් කොටයි.
"අර කොට සර්." මම කිව්වා නෙමේ කියවුනා.
විෆුලයට හොදටම මල පන්නා. ඩොටා කරපු ඒවගේ මළ මගේ පිටින් යැව්වා. ගැහුවේ නම් නෑ. අම්බානට බැන්න. මොනවා කරන්නද මමත් අහගෙන හිටියා. මම මොනවත් කිව්වේ නෑ. 
එට පස්සේ මගෙන් අහපි කුඩා කලින් කෑ ගැහුවේ කියල. මලා!! මට කියන්නත් හිතුන විෆුල කියල. ඒත් පව්නේ (මොන පව්ද  මට බය හිතුන. මු ගැහුවොත් කන පැලෙන්න.) 
මම කිව්වා "දැක්කේ නෑ සර්" කියලා.
මට දැන් නම් මාර මළ. ටකරමාට මොනවත්ම කිව්වේ නෑනේ. 
ඔහොම ටිකක් වෙලා අනිත් එව්න්ගෙනුත් ඇහුව කෑ ගැහුවේ කව්ද කියල. වැඩේ හරියන්නේ නෑ කියල තේරිලද කොහෙද යන්න ගියා.

දැන් නුඹ හිතෙනවා ඇත්තටම අපි ඒ කලේ කරපු දේවල් වැරදි කියලත්. ඒ උනාට තවත් වෙලාවකට හිතෙනවා එහෙම නැත්තම් වැඩක් නෑ කියල. :D යාළුවො සෙට් උනාම අපි කවදාවත් ඒ කාලේ පාඩම් කරපු දෙයක් ගැන කතා කරන්නේ නැනේ. අපි කතා කරන්නේ පිස්සු කෙලපු ඒවම තමා. :D

2 comments:

  1. එල කිරි මචෝ. පට්ට story එක

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මචෝ

    ReplyDelete